2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි.
ඇප තැබූ පිරිස අතර හිමිවරුන් දෙනමක්ද සිටීම විශේෂත්වයකි.
ඒ අනුව බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ මගින්ද අක්මීමන දයාරතන හිමි ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්ද ජනපති සටනට ඇප මුදල් තැන්පත් කර තිබේ.
අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිතය.
මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවය.
1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි.
ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.
ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණී.
ඒ අනුව 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කළේය.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ