සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත යවන ලද ලිපියක් හේතුවෙන් මේවනවිට එම නාලිකාව සහ සමගි ජන බලවේගය අතර අර්බුදයක් මතුව තිබෙනවා.
ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත ලිඛිතව දන්වා ඇත්තේ 360 වැඩසටහන සඳහා සජිත් සහභාගී නොවන පසුබිමක ඔහුගේ සහභාගිත්වය සඳහන් කරමින් පුර්ව ප්රචාරක පට විකාශය කිරීම වැරදි කටයුත්තක් බවයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 7 දෙනෙකු සඳහා දින 7කදී විශේෂ ‘360 වැඩසටහන’ සඳහා ආරාධනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පූර්ව ප්රචාරක පටද ප්‍රචාරය කර තිබුණි.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම ස්ථිර කරමින් දෙරණ වෙත දන්වා තිබු අතර තමන් සහභාගී නොවන බව ඔහු දන්වා ඇත්තේ අවසන් මොහොතෙයි.
සමගි ජන බලවේගයට හිතවාදී සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් මේ වන විට දෙරණ නාලිකාව විවේචනය කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම ආරම්භ කර තිබේ.
එම ලිපියට දෙරණ නාලිකාවද පිළිතුරු ලිපියක් යවා තිබේ.



පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
රොහාන් ඕලුගලට සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි! ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි! (වීඩියෝ)
මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්
පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්