සජිත් ප්රේමදාස මහතා වෙනුවෙන් එම පක්ෂයේ මාධ්ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත යවන ලද ලිපියක් හේතුවෙන් මේවනවිට එම නාලිකාව සහ සමගි ජන බලවේගය අතර අර්බුදයක් මතුව තිබෙනවා.
ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත ලිඛිතව දන්වා ඇත්තේ 360 වැඩසටහන සඳහා සජිත් සහභාගී නොවන පසුබිමක ඔහුගේ සහභාගිත්වය සඳහන් කරමින් පුර්ව ප්රචාරක පට විකාශය කිරීම වැරදි කටයුත්තක් බවයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 7 දෙනෙකු සඳහා දින 7කදී විශේෂ ‘360 වැඩසටහන’ සඳහා ආරාධනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පූර්ව ප්රචාරක පටද ප්රචාරය කර තිබුණි.
කෙසේ වෙතත් සජිත් ප්රේමදාස මහතාගේ පැමිණීම ස්ථිර කරමින් දෙරණ වෙත දන්වා තිබු අතර තමන් සහභාගී නොවන බව ඔහු දන්වා ඇත්තේ අවසන් මොහොතෙයි.
සමගි ජන බලවේගයට හිතවාදී සමාජ මාධ්ය කණ්ඩායම් විසින් මේ වන විට දෙරණ නාලිකාව විවේචනය කරමින් සමාජ මාධ්ය සටහන් පළ කිරීම ආරම්භ කර තිබේ.
එම ලිපියට දෙරණ නාලිකාවද පිළිතුරු ලිපියක් යවා තිබේ.



ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස