Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්‍රහාරයක්! 5ක් මරුට!

12 hours ago

යේමනයේ ඒඩන් නගරයේ පිහිටි ජනාධිපති මන්දිරය හෙවත් අල්-මාෂික් මාලිගා පරිශ්‍රයේ පිහිටා ඇති හමුදා අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරමින් හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ යේමන අගමැති අල්-සින්ඩානි මහතා මාලිගාව තුළ රැඳී සිට ඇතත්, ඔහුට කිසිදු අනතුරක් සිදුව නැත. තුවාල ලැබූවන් අතර අගමැති ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් සේවකයින් ද වෙති.

මෙම ප්‍රහාරය ‘බියගුළු’ ක්‍රියාවක් ලෙස හෙළාදකිමින් අගමැතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබා ඇති අතර, සටන් විරාමය බිඳ වැටීමෙන් පසු උත්සන්න වී ඇති යේමන සිවිල් යුද්ධයේ තවත් බරපතළ හැරවුම් ලක්ෂයක් ලෙස මෙය සැලකේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *