පුද්ගලයාගේ පිළිකා තත්ත්වයට ගැළපෙන ලෙස සකස් කළ නව එන්නතක්, ප්‍රතිශක්තිකරණ ඖෂධයක් සමඟ ලබාදීමෙන් සමේ පිළිකා යළි ඇතිවීමේ හෝ රෝගීන් මියයාමේ අවදානම 42%කින් අඩු වී ඇති බව ප්‍රධාන සායනික පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
මෙලනෝමා (Melanoma) ලෙස හැඳින්වෙන සමේ පිළිකා වර්ගය සම්බන්ධයෙන් සිදුකළ මෙම පරීක්ෂණයට රෝගීන් 1,100ක් සහභාගී වී තිබෙන බව සඳහන්.
එමෙන්ම, ප්‍රතිශක්තිකරණ ඖෂධය පමණක් ලබාදුන් රෝගීන් සමඟ සැසඳීමේදී, නව එන්නත සහ ඖෂධය ඒකාබද්ධව ලබාදුන් රෝගීන්ගේ පිළිකාව වෙනත් ප්‍රදේශවලට පැතිරීමේ අවදානම වසර දෙකක කාලයක් තුළ 38%කින් අඩු වී ඇති බවද පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
MSD සහ Moderna යන ඖෂධ නිෂ්පාදන සමාගම් පවසන්නේ, මෙම ප්‍රතිකාර ක්‍රමය වකුගඩු, මුත්‍රාශය සහ පෙනහළු පිළිකා ඇතුළු වෙනත් පිළිකා වර්ග සම්බන්ධයෙන්ද පරීක්ෂා කරමින් පවතින බවයි.
මෙම ප්‍රතිඵල පිළිකා ප්‍රතිකාර ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිකාරයෙන් රෝගීන්ගේ සාමාන්‍ය ආයු කාලය සැබෑ ලෙසම ඉහළ යන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් දිගුකාලීන අධ්‍යයන අවශ්‍ය බව ස්වාධීන පිළිකා විශේෂඥයන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මූලාශ්‍රය – බීබීසී

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්