Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්‍රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!

20 minutes ago

කොබෙයිගනේ ප්‍රදේශයේදී සොරකමක් සිදුකළ බවට සැකපිට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගසක බැඳ තබා සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමෙන් පසු රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ඒමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

එම පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඇති බවට සැකයක් මතුවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත්, කොබෙයිගන පොලිසිය විසින් වාර්තාවක් කැඳවා ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඒ අනුව, සිද්ධියට අදාළව පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ මරණයට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

(source – news19)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *