සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ.
LTL සමූහයට අනුබද්ධ ලක්දනවි සමාගම, බලශක්ති උත්පාදනය, තාක්ෂණික නවෝත්පාදනය, ජල කළමනාකරණය සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ක්ෂේත්ර ආවරණය කරමින් ආසියානු බලශක්ති සහ ජල සම්මාන උළෙල 2026 හිදී සම්මාන 5ක් දිනාගත්තේය.
මෙහිදී යුගදනවි බලාගාරය ප්රමුඛව ලක්දනවි සමාගම ලැබූ සම්මාන මෙසේය .
වසරේ ස්වාධීන විදුලි නිෂ්පාදකයා (Independent Power Producer of the Year)
වසරේ නවෝත්පාදන බලශක්ති තාක්ෂණය (Innovative Power Technology of the Year – HFO ඉන්ධන රත් කිරීමේ නවෝත්පාදනය වෙනුවෙන්)
වසරේ ESG වැඩසටහන (ESG Program of the Year)
ජල තාක්ෂණික විශිෂ්ටතා සම්මානය – කාර්මික (Water Technology Excellence Award – Industrial)
වසරේ ජල ප්රතිභාවිත සහ ප්රතිචක්රීකරණ ව්යාපෘතිය (Water Reuse and Recycling Project of the Year)
මෙම සම්මාන එකතුව මගින් ක්ෂේත්ර ගණනාවක් පුරා ශ්රී ලංකාවේ ඉංජිනේරු දැනුමට හිමි ඇගයීම පැහැදිලිව පෙන්නුම් කෙරෙන අතර, LTL සමූහය සිය බලශක්ති ක්ෂේත්රයේ සංවර්ධන හැකියාවන් කලාපීය සහ ගෝලීය වෙළඳපොළවල් දක්වා සාර්ථකව ව්යාප්ත කර තිබීම ද ඉන් තවදුරටත් තහවුරු වේ.
නිර්මාණය, ඉදි කිරීම, ක්රියාත්මක කිරීම සහ නඩත්තුව ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේ සමස්ත පද්ධතියම ආවරණය වන මෙම ජයග්රහණය ආසියාවම දන්නා ශ්රී ලංකාවේ වෘත්තීයභාවයේ සැබෑ ප්රතිඵලයකි.
මේ ආකාරයට මෙරට කීර්ති නාමය සමාගමක් ලෙස ජාත්යන්තරය හමුවේ ඉහලින් ඔසවා තබන්නට LTL සමූහය ප්රමුඛ ඊට අනුබද්ධ ලක්දනවි සමාගම කටයුතු කළත් සමාජ මාධ්ය තුළ මෙන්ම ඇතැම් පාර්ශවයන්ගේ විවේචනය ද එකී සමාගම ලක්වන බව අපගේ නිරීක්ෂණය විය.
ඊට ආසන්න සිදුවීමක් නම්, පසුගිය දිනවල වාර්තා වූ පුළුල් විදුලි බිඳවැටීමෙන් පසු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේදී සිදු වූ කාල ප්රමාදය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාය.
මේ සම්බන්ධයෙන් අප වගකිවයුතු මාධ්යක් ලෙස බලශක්ති ක්ෂේත්රයේ විශේෂඥ දැනුම ඇති ප්රවීණයන් ඇතුළු පාර්ශව කිහිපයකින් අදහස් විමසූ අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ප්රතිචාරය වූයේ මෙසේය.
විදුලි ක්ෂේත්රයේ පවතින තාක්ෂණික යථාර්ථය වසන් කරමින් පටු අරමුණු වෙනුවෙන් ඇතැමුන් මෙම චෝදනා නගන බව එම විශ්ලේෂණවලින් පෙන්වා දෙයි. තාප විදුලි බලාගාරයක් යනු ක්ෂණිකව ක්රියාත්මක කළ හැකි යාන්ත්රණයක් නොවන බවත්, එහි බොයිලේරු සහ ටර්බයින් නිසි උෂ්ණත්ව මට්ටම්වලට පැමිණීමට කාලය අවශ්ය වන බවත් තාක්ෂණික තොරතුරු පදනම් කරගනිමින් තහවුරු කරයි.
ග්රිඩ් පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා පාලක මැදිරියේ දැඩි අධීක්ෂණය යටතේ අදියර ක්රමයට විදුලිය සැපයීම සිදු කර ඇති අතර, ඊටපෙර එකවර ධාරිතාව එකතු කළහොත් සමස්ත පද්ධතියම තවත් බිඳවැටීමකට ලක්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එබැවින් එය නිවැරදි ඉංජිනේරු තාක්ෂණික ක්රමවේදයන් ඔස්සේ ඉවසීමෙන් කළ යුතු කාර්යයක් බව ඔවුන්ගේ අදහසයි.
එසේම තාප බලාගාර සම්බන්ධයෙන් මෙරට සමාජයේ කිඳා බස්සවනු ලැබූ බරපතල මිත්යාවන් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඇතමුන් කරුනු නිසි ලෙස අවබෝධයක් නොමැතිව තාප බලාගාර ආශ්රිත සේවා ලබා ගැනීම ප්රතික්ෂේප කරන නමුත් එය අතාර්කික බවද අවධාරණය කරයි.
සූර්ය බලය, සුළං බලය සහ ජල විදුලිය අඩු පිරිවැය සහිත බලශක්ති මූලාශ්ර වුවත් මේ පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් කාලගුණික තත්ත්වයන් මත එක්වර අඩාල වන අවස්ථාවලදී ජාතික විදුලි අවශ්යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්රධාන ශක්තිය වී ඇත්තේ තාප විදුලි බලාගාර බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ගල් අඟුරු වැනි බලාගාර ලෝකය මේ වන විට සිය බලශක්ති නිෂ්පාදනයෙන් ඈත් කළත්, ඉන්ධන මූලික තාප බලාගාර වල සේවා ලැබීම අඛණ්ඩව සිදුකරන බවද ඔවුන් පවසයි.
ඔවුන් විශේෂයෙන් සිහිපත් කරන කරුණක් නම් අඩු පිරිවැය සහිත විදුලි නිෂ්පාදනය ආර්ථිකය කෙරෙහි තීරණාත්මක ලෙස වැදගත් වන තරමටම රටක ආර්ථිකය අඩපණ නොවී පවත්වාගෙන යාමට නම් අඛණ්ඩ විදුලි සැපයීමද අත්යවශ්ය සාධකයක් බවයි. එබැවින් එම කාර්ය සේවාව මෙරට තුළ ප්රමුකව සිදුකරන බලාගාර ලෙස යුගදනවි සහ සොබාදනවි බලාගාර වල වැදගත්කම ජනතාව තේරුම් ගත යුතු බවද ඔවුන්ගේ පැහැදිලි කිරීම වෙයි.
අනෙක් අතට විධිමත් නඩත්තු ක්රමවේද යටතේ ක්රියාත්මක වන මෙම ආයතන කිසිදු විටෙක බලහත්කාරයෙන් පද්ධතියට විදුලිය සැපයීමක් සිදු නොකරන බැවින්, සමාජය තුළ පවතින නොදැනුවත්කම ප්රයෝජනයට ගනිමින් ගෙන යන අසත්ය ප්රචාර බැහැර කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී