තමන් බලයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ලෙස නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (17) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.
“එදා විපක්ෂය කියන්න බැලුවා රාජපක්ෂලා අපේ කණ්ඩායම හැංගිලා කියලා. නෑ අපි කවදාවත් හැංගිලා හිටියේ නෑ. අපි හැංගෙන්නෙත් නෑ. අපිව හංගන්නත් බෑ. මොකද මට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට රට හදන්න සැලැස්මක් තියෙනවා. අනිත් අයව සල්ලිවලට, වරදානවලට ගන්න පුළුවන් ඇති. හැබැයි ගමේ පාක්ෂිකයාව සල්ලිවලට ගන්න බෑ. ගියපු අයව ගන්න එපාලු. ඒක මං තාත්තාගෙන් අවසර ගත්තා සැලුන්දොර වහන්න. අපේ සැලුන්දොර වහනවා විතරක් නෙමෙයි අපි පාර්ලිමේන්තුවේ නීතියක් ගේනවා කිසිම දේශපාලනඥයෙක්ට වරප්‍රසාදවලට පක්ෂය මාරු කරන්න බැරි නීතියක් අපි පාර්ලිමේන්තුවට ගේනවා. මම ඔබට වගකීමකින් කියනවා ඔබ මං කෙරෙහි තබන විශ්වාසය පළුඳු වෙන්න මෙම ඉඩතියන්නේ නෑ.”


පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
රොහාන් ඕලුගලට සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි! ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි! (වීඩියෝ)
මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්
පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්