බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින් රුපියල් ලක්ෂ 53.38 ක මුදලක් ඉකුත් (24) දින සභාවට ගෙවා ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ.විජේසිංහ පවසනවා.
අනතුර සිදුවී වසර දෙකකට පසු සිදුවූ අලාභය වෙනුවෙන් මෙම මුදල ගෙවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් අනතුරට ලක්කර තිබෙනවා.
මෙම අධි සුඛෝපභෝගී රථය හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක විසින් සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල, පැලවත්ත, ඉසුරුපාය ආසන්නයේදී 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉල්ලීමක් කර තිබුණා.
නමුත් එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවයි ලේකම් ධම්මිකා කේ. විජේසිංහ පවසන්නේ.
බස්නාහිර පළාත් සභාව විසින් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළද එම වන්දි මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටි මන්ත්‍රීවරයා විසින් හදිසියේම සිදුවූ ආණ්ඩු මාරුවත් සමඟ එම වන්දි මුදල ගෙවා දැමීමට පියවර ගෙන තිබෙනවා.


ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්