දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දීමක් කොට ඇත.
ආරක්ෂක හේතු මත සිංගප්පූරු රජය මෙම දැනුම් දීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය බදාදා දිනයේ හමුදා ගුවන් යානයකින් ලංකාවේ සිට මාලදිවයින දක්වා පියාසර කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පැමිණ මේ වනවිට එරට සිටින හිතවතකුට අයත් තට්ටු නිවාසයක රැදී සිටින බව දැනගන්නට ඇත.
නමුත් ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණ ඇති සිංගප්පූරු රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය කාසිවිශ්වනාදන් ෂන්මුගම් මහතා දැනුම් දී ඇත්තේ ආරක්ෂක හේතු මත තවදුරටත් හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රජයේ ආරක්ෂාව ලබා දිය නොහැකි බවත්, දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටව යාමට කටයුතු කරන ලෙසත්ය.
ඉන්දුනීසියාවේ පැවැති G 20 සමුලුවට සහභාගී වී සිටි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා නැවත සිංගප්පූරුව බලා පැමිණීමෙන් පසු මතුව ඇති තත්ත්වය සමාලෝචනය කර මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ,විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙසට ලැබිය යුතු වරප්‍රසාද ලැබෙනු ඇති බවයි.
ඒ අනුව ඔහුට කොළඹින් නිල නිවසක් සහ ආරක්ෂක බල ඇණියක් හිමිවනු ඇති බවත් රාජපක්ෂ මහතා එළඹෙන මාසයේදී යළි මෙරටට පැමිණෙනු ඇති බවයි.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්