හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියෙට් සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.
කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ අතර ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක කිරීමටද එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි