මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ තෙවැනි ජය වාර්තා කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් වුණා.
ඒ ප්‍රතිවාදී කොදෙව් මාස්ටන්ස්වරුන් පරාජයට පත් කරමින්.
වදෝදරාහිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.
නායක කුමාර සංගක්කාර පන්දු 42කකදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක් හිමිවුණා.
ඩිවේන් ස්මිත් පන්දු 43කදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුණා.
කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන කඩුලු දෙකක්, චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.
තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්නට හිමිවුණා.
ඒ අනුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ මුහුණ දුන් තරග 04න් තුනක්ම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවනවා.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි