මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ තෙවැනි ජය වාර්තා කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් වුණා.
ඒ ප්‍රතිවාදී කොදෙව් මාස්ටන්ස්වරුන් පරාජයට පත් කරමින්.
වදෝදරාහිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.
නායක කුමාර සංගක්කාර පන්දු 42කකදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක් හිමිවුණා.
ඩිවේන් ස්මිත් පන්දු 43කදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුණා.
කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන කඩුලු දෙකක්, චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.
තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්නට හිමිවුණා.
ඒ අනුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ මුහුණ දුන් තරග 04න් තුනක්ම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවනවා.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්