වැල්ලවාය, රණවර්ණාව ප්‍රදේශයේ දී ගලකින් පහරදී අද (14) අලුයම පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
එහිදී මියගිය තැනැත්තාගේ හිස ප්‍රදේශයට ගලකින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ රන්දෙණිය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනස් පහක පුද්ගලයකු වන අතර, පහරදීම සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු විසිහයක පුද්ගලයකු වන අතර, තම පියා ඝාතනය කල පලිය ගැනීමට තමන් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරු පොලිසිය හමුවේ මූලික විමර්ශනවලදී සඳහන් කර තිබෙනවා.
ඝාතනයට ලක් වී ඇත්තේ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාප්පා බවයි පොලිසිය සඳහන් කළේ.
අද දින මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සැකකරුගේ පියා ඝාතනය කල බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන බවත් පොලිසිය සඳහන් කළා.

ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්