
හෙට සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලි බිලට එකතුවේ.
එසේම ඒකක 60ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒකක 90ට වැඩි අයට සියයට 276ක වැඩිවීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125ක පමණ සුළු ප්‍රමාණයක් බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එසේම 31 ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ වන ලෙසද, 90ත් 120ත් අතර රුපියල් 2900ක් පමණ ප්‍රමාණයකින්ද විදුලි බිල ඉහළ යනු ඇති.



පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!