නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්.
කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට 4.00 දක්වා දීර්ඝ කරන ලෙස යෝජනා කර තිබුණද ඒ සඳහා දායක වන අනෙකුත් පද්ධති තවමත් එයට සූදානම් නොමැති නිසා එය තරමක අපහසු කාරණයක් බවයි අගමැතිවරිය පවසා සිටියේ.
එමෙන්ම ඇය සඳහන් කළේ කාල පරිච්ඡේදය, පවතින කාලසීමාවට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.
විභාග අන්තර්ගතය පාසල් සිසුන්ට පීඩාකාරී නොවන ආකාරයෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය 2028 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යතුමිය පවසනවා.
වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා හෙට දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී සඳහන් කළා.

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා