Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමයේ වෙනසක්! වාර විභාග ගැනත් තීරණයක් ගැනීමට සැරසෙයි!

11 months ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්.

කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට 4.00 දක්වා දීර්ඝ කරන ලෙස යෝජනා කර තිබුණද ඒ සඳහා දායක වන අනෙකුත් පද්ධති තවමත් එයට සූදානම් නොමැති නිසා එය තරමක අපහසු කාරණයක් බවයි අගමැතිවරිය පවසා සිටියේ.

එමෙන්ම ඇය සඳහන් කළේ කාල පරිච්ඡේදය, පවතින කාලසීමාවට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.

විභාග අන්තර්ගතය පාසල් සිසුන්ට පීඩාකාරී නොවන ආකාරයෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය 2028 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යතුමිය පවසනවා.

වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා හෙට දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *