කන්ද උඩරට මහාකලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහැර මෙවර සාර්ථකව නිමා වු බවට වන සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් අද පස්වරුවේ භාරදෙනු ලැබුවා.
ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාම්ප්‍රදායික උත්සවයේදීයි.
මෙගිදී මෙවර පෙරහරේ දක්ෂතා දැක්වූ ශිල්පීන් ඇගයීමද සිදු කළා.
මේ අතර, මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද අළුයම යෙදුණු සුබ මොහොතින් මහවැලි ගගේ ගැටඹේ තොටේදී සිදුකෙරුණා.
එම මංගල දියවර නැවත පෙරහරකින් මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත රැගෙන ආ අතර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර තිබූ පෙරහර කරඬුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරවීමේ දහවල් පෙරහර අද පස්වරු 2.16ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කෙරුණා.
එහිදී පෙරහර කරඬුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරවනු ලැබුවේ සිංහ රාජා හස්තියා විසිනුයි.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු