දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ලැයිස්තුව දකුණු ආසියාවේ එක් එක් රටවල ධනවත්ම පුද්ගලයා නියෝජනය වන පරිදී සකස්කර ඇත.
ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස බලා ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යාමට ඔහු සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
ඉෂාර නානායක්කාර මහතා රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි නායකත්වය දරන අතර ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී විශාල දායකත්වයක් දරා ඇත.
සුපුරුදු පරිදි ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 118 ක් සහිතව රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස දිගටම රැඳී සිටින අතර පාකිස්ථානය නියෝජනය කරමින් ඩොලර් බිලියන 13.5ක වත්කමක් සහිතව පකිස්ථාන-ඇමරිකානු බිලියනපතියෙකු වන ෂාහිඩ් ඛාන් හඳුනාගෙන ඇත.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්