යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි , යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කර තිබෙනවා.
සිය නිල X ගිණුමේ පළ කළ පණිවිඩයක් මගින් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව යුක්රේනය අගය කරන බවයි.
යුක්රේන ජනපති තැබූ සටහන පහතින්.
”යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් උණුසුම් සහ අවංක සුබ පැතුම් එවු ජනාධිපති අනුර දිසානායක මහතාට මගේ ස්තූතිය පිරිනමමි. අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව යුක්රේනය අගය කරයි. දෙරටටම ප්රතිලාභ ගෙන දෙමින් අපගේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාවක් ඇති බව අපට විශ්වාසයි.


ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා