Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අනුරට යුක්‍රේන ජනපති ස්තූතිය පළ කරයි

11 months ago

යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි , යුක්‍රේන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ පළ කළ පණිවිඩයක් මගින් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව යුක්‍රේනය අගය කරන බවයි.

යුක්‍රේන ජනපති තැබූ සටහන පහතින්.

”යුක්‍රේන නිදහස් දිනය වෙනුවෙන් උණුසුම් සහ අවංක සුබ පැතුම් එවු ජනාධිපති අනුර දිසානායක මහතාට මගේ ස්තූතිය පිරිනමමි. අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව යුක්‍රේනය අගය කරයි. දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙමින් අපගේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාවක් ඇති බව අපට විශ්වාසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *