ජනාධිපති කාර්යාලයට අයත් වාහන දෙකක් කෙටිකාලීන භාවිතය සඳහා ලබාගෙන නැවතත් ජනාධිපති කාර්යාලයට එම වාහන බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස වාහන බාර නොදුන් එක් මන්ත්‍රීවරයෙක් අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථයකි. තවත් එක් මන්ත්‍රීවරයෙක් ටොයොටා හයිලක්ස් කැබ් රථයක් ලබාගෙන ඇත. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ දෙදනාම ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ මන්ත්‍රීන් බවද වාර්තා වෙයි.
මේ අය ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි දිගින් දිගටම අදාළ වාහන බාර නොදීම නිසා එම දෙදෙනාට එරෙහිව දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න