Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ වාහන දෙකක් ඉස්සූ මන්ත්‍රී දෙපළ

2 years ago

ජනාධිපති කාර්යාලයට අයත් වාහන දෙකක් කෙටිකාලීන භාවිතය සඳහා ලබාගෙන නැවතත් ජනාධිපති කාර්යාලයට එම වාහන බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස වාහන බාර නොදුන් එක් මන්ත්‍රීවරයෙක් අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථයකි. තවත් එක් මන්ත්‍රීවරයෙක් ටොයොටා හයිලක්ස් කැබ් රථයක් ලබාගෙන ඇත. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ දෙදනාම ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ මන්ත්‍රීන් බවද වාර්තා වෙයි.

මේ අය ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි දිගින් දිගටම අදාළ වාහන බාර නොදීම නිසා එම දෙදෙනාට එරෙහිව දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.

TRENDINGඑයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *