ලෝක වෙළෙඳපොළේ රත්රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (7) දිනයේ රු. 290,500ක්ව පැවති මෙරට කැරට් 22 රන් පවුමක මිල අද පෙරවරුව වනවිට රු 296,000 දක්වා ඉහළ ගොස් තිබුණි.
කෙසේ නමුත් අද දිනය තුළ අවස්ථා තුනකදී රන් මිල ඉහළගොස්, පස්වරුව වනවිට කොළඹ හෙට්ටිවීථිය වෙළඳපොළේ කැරට් 22 රන් පවුම රුපියල් 303,400 සීමාවට පැමිණ ඇත.
මේ අතර ඊයේ රුපියල් 314,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිලද අද සවස වනවිට රුපියල් 328,000 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉතිහාසයේ ප්රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියේය.
ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!