Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 3 ඉක්මවා යයි

8 months ago

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (7) දිනයේ රු. 290,500ක්ව පැවති මෙරට කැරට් 22 රන් පවුමක මිල අද පෙරවරුව වනවිට රු 296,000 දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේ නමුත් අද දිනය තුළ අවස්ථා තුනකදී රන් මිල ඉහළගොස්, පස්වරුව වනවිට කොළඹ හෙට්ටිවීථිය වෙළඳපොළේ කැරට් 22 රන් පවුම රුපියල් 303,400 සීමාවට පැමිණ ඇත.

මේ අතර ඊයේ රුපියල් 314,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිලද අද සවස වනවිට රුපියල් 328,000 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියේය.

ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *