බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
“බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්.
බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ.
බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ.
මම හිතන්නේ නෑ සෝදපු බිත්තර වෙළෙඳපොළේ ඇසුරුම්කර තිබෙනවා කියලා. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසූචි තැවරෙන එක සීමා කරලා හොද තත්ත්ව කලමණාකරන ක්‍රමවේද අනුගමනය කරලා නිෂ්පාදනය කරන බිත්තර තිබෙනවා.
ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුම්කරන විට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීම. එහෙම නැතුව සෝදන එක නෙමෙයි“

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්