Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්

3 hours ago

දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් යතුරුපැදියේ රියදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දොඩන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *