Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

5 hours ago

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මහතා මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී බද්දේගම, ගොඩකන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණා.

උපසභාපතිවරයා මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් බද්දේගම පොලීසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

බද්දේගම ප්‍රාදේශීය සභාවට තරගකළ අපේක්ෂකයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවට සැකකෙරෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *