Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්

33 minutes ago

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම ඝාතනයට අදාළ අපරාධකරුවන් හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇති බව ද සඳහන් වේ.

එසේම එම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතා සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතා පත් කරනු ලැබීය.

පොලිස් කණ්ඩායම් 02ක් CCTV දර්ශන ඔස්සේ අපරාධකරුවන් හඳුනා ගැනීමට යොදවා ඇති බව වාර්තා වේ.

මෙතෙක් සිදු කළ විමර්ශනවලට අදාළව පොලිසිය සැකපළ කරන්නේ ඝාතනය සිදු කළ වෙඩික්කරු ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවය.

එසේම වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේ සිට මාතර දක්වා වෙඩික්කරු යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, මාතර දී ඔහුට වෙනත් පුද්ගලයෙකු තවත් යතුරුපැදියක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

එලෙස තවත් යතුරුපැදියක් ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපරාධය සිදුකළ තැනැත්තන් තවදුරටත් දකුණු පළාත තුළම රැදී සිටින්නේ යැයි වූ සැකය මත අකුරුස්ස, ඉමදුව සහ යක්කලමුල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව අදත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

ගාල්ල සහ මාතර විශේෂ අපරාධ විමර්ශන අංශ, පොලිස් බුද්ධි අංශ මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටියේය.
 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *