රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ රථගාලේ දී පසුගිය 20 වනදා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුරින් වයස අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
මින් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් කාන්තාව ජයවර්ධනපුර මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
රංගන ශිල්පිනී අයේෂා දිසානායක පැදවූ මෝටර් රථය වෝටර්ස් එජ් හෝටලයේ රථගාලේ දී එක්වරම පසුපසට ධාවනය වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ එම හෝටලයේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දෙපාවලට බරපතළ හානි සිදුව තිබෙනවා.
මේ අතර අනතුරින් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පැදවූ රංගන ශිල්පිනිය ද 1990 හදසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එලෙස රෝහල් ගත කළ රංගන ශිල්පිනිය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 22 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ඇයව පසුගිය 23 වනදා ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර අනතුරට ලක්වූ ඒක් කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 250,000 බැඟින් ලබාදීමට රංගන ශිල්පිනිය එකඟවී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
මෙම නඩුව ලබන 29 වනදා කොළඹ අලුත්කඩේ 07 අධිකරණයේ දී යළි කැඳවීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
(source – dasathalanka)

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට දින නියම වෙයි