Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්

20 minutes ago

වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, එම නිසා කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය නිසා වේවැල්කඳුර – වැල්ලවාය මාර්ගයේ, අලිකොටආර හරහා ඇති සපත්තු පාලම ජලයෙන් යට වී තිබෙන බවත්, එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් සඳහන්.

මෙම තත්ත්වය මත, කිරිඳි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *