විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා විසින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.පී. නිරෝෂන් මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඒ මහතාගේ ධුර කාලය එළැඹෙන වසරේ ජුනි 26 වෙනිදා දක්වා දීර්ඝ කළ බවය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින අතරතුරදී මෙම ලිපිය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව පසුගිය 22 වැනිදා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසය.
අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් විසින් අදාළ පත් වීම සඳහා කිසිදු ලෙසකින් අනුමතියක්ද ලබා දී නොමැති බවය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම අවලංගු කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්