තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නියෝග කර ඇත.
1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම විධාන නිකුත් කර ඇත.
ඒ අනුව, ගනුදෙනුකරුවන් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගමක තැන්පතු ආරම්භ කිරීමේදී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම මෙම වසරේ ඔක්තෝබර් 1 වන දා සිට අනිවාර්ය වේ.
එසේ වුව ද දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පුරවැසියන් තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය, පරිගණක පද්ධති තුළ සටහන් කිරීම අනිවාර්ය වන අතර ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන විට ජාතික හැඳුනුම් පත තැන්පත්කරුවෙකු විසින් තාවකාලිකව ආපසු භාර දෙනු ලැබ ඇති අවස්ථාවක පමණක් ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශීය ජාතිකයන් සහ ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයේ නියුතු හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන විදේශීය ජාතිකයන් හට ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට සිය විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.
බාලවයස්කාර තැන්පතුකරුවන් හට උපන් දිනය සහ උප්පැන්න සහතික අංකය සටහන් කිරීම මගින් ලබා ගන්නා ඉලක්කම් 12කින් යුතු අංකය ඒ සඳහා භාවිත කළ හැකි බව ද මහ බැංකුව වැඩිදුරට ත් සඳහන් කරයි.
NEXT : මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ
V8 වර්ගයේ ප්‍රාඩෝ ජීප්රථය හොරු ගනී!

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්