තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නියෝග කර ඇත.
1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම විධාන නිකුත් කර ඇත.
ඒ අනුව, ගනුදෙනුකරුවන් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගමක තැන්පතු ආරම්භ කිරීමේදී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම මෙම වසරේ ඔක්තෝබර් 1 වන දා සිට අනිවාර්ය වේ.
එසේ වුව ද දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පුරවැසියන් තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය, පරිගණක පද්ධති තුළ සටහන් කිරීම අනිවාර්ය වන අතර ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන විට ජාතික හැඳුනුම් පත තැන්පත්කරුවෙකු විසින් තාවකාලිකව ආපසු භාර දෙනු ලැබ ඇති අවස්ථාවක පමණක් ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශීය ජාතිකයන් සහ ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයේ නියුතු හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන විදේශීය ජාතිකයන් හට ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට සිය විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.
බාලවයස්කාර තැන්පතුකරුවන් හට උපන් දිනය සහ උප්පැන්න සහතික අංකය සටහන් කිරීම මගින් ලබා ගන්නා ඉලක්කම් 12කින් යුතු අංකය ඒ සඳහා භාවිත කළ හැකි බව ද මහ බැංකුව වැඩිදුරට ත් සඳහන් කරයි.
NEXT : මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ
V8 වර්ගයේ ප්‍රාඩෝ ජීප්රථය හොරු ගනී!

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්