වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එක්සත් රාජාධානිය බලා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 4 කගෙන් පසුගිය සතියේ ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කණ්ඩායම අද(24) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. පැමිණීමෙන් පසුව ප්‍රගතිය මැන බැලීම සඳහා වාර්තාවක් ගොනු කිරීමට නියමිතය.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමක් පසුගිය සතියේ නීතිපති පාරින්ද රණසිංහ හමුවී තම සේවාදායකයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව විමසා බලා ඇත. ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, අනුජ ප්‍රේමරත්න සහ එරාජ් ද සිල්වා යන නීතිඥ කණ්ඩායම නීතිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා යන මහත්වරු ද නීතිපතිවරයා සමග එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම අද(24) මෙරටට පැමිණීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය පිළිබඳව වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ලබාදීමට හැකිවනු ඇතැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ කණ්ඩායමට පවසා ඇත.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි