වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එක්සත් රාජාධානිය බලා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 4 කගෙන් පසුගිය සතියේ ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කණ්ඩායම අද(24) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. පැමිණීමෙන් පසුව ප්‍රගතිය මැන බැලීම සඳහා වාර්තාවක් ගොනු කිරීමට නියමිතය.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමක් පසුගිය සතියේ නීතිපති පාරින්ද රණසිංහ හමුවී තම සේවාදායකයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව විමසා බලා ඇත. ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, අනුජ ප්‍රේමරත්න සහ එරාජ් ද සිල්වා යන නීතිඥ කණ්ඩායම නීතිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා යන මහත්වරු ද නීතිපතිවරයා සමග එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම අද(24) මෙරටට පැමිණීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය පිළිබඳව වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ලබාදීමට හැකිවනු ඇතැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ කණ්ඩායමට පවසා ඇත.

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්