Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

coconut - පොල්

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඉහළ ආදායමක්

5 months ago

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයක් වන බවය.

එහි සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් පිටරට අපනයනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය.

මේ යටතේ දියරමය පොල් කිරි, පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල්, ඇක්ටිවේටඩ් කාර්බන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් වන බව අමාත්‍යංශය පැවසුවේ ය.

2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් අමෙරිකුනු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇති අතර ඊට දිගුකාලීන පියවරක් ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000 ක් වගා කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *