වාහනවල කොටස් ලබා දෙන බව පවසා ව්‍යාජව මුදල් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව ඇප මත සිටි සැකකරුවකු එම සිද්ධියට අදාලව ඇප කොන්දේසි කඩ කිරීම නිසා පෙබරවාරි 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) නියෝග කළා.
සිද්ධියට අදාලව සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, ඇප මත සිටියදී නැවතත් ඉහත පරිදිම ව්‍යාජ ලෙස මුදල් වංචාවන් කළ ඇති බැවින් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශ අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ සැකකරු වහනවල කොටස් ලබා දෙනවැයි පවසා ව්‍යාජව ජනතාවගේ මුදල් වංචා කළ ඇති බවයි.
සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදුකර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වංචා විමර්ශන අංශයට නියෝග කළා.

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්