දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, කැලණි ගඟේ ග්ලෙන්කෝස් ස්ථානයෙන් සහ නිල්වලා ගඟේ පානදුගම ස්ථානයෙන් මේ වන විට සුළු ගංවතුර තත්ත්වයන් හටගෙන තිබේ.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි හේතුවෙන් කැලණි, කළු, ගින් සහ මහවැලි යන ගංගාවල පහත සඳහන් ප්‍රදේශවල ජල මට්ටම් අවධානම් (Alert) මට්ටමේ පවතියි:
- කැලණි ගඟ: හන්වැල්ල, නොර්වුඩ් (කෙහෙල්ගමු ඔය) සහ හොලොම්බුව (ගුරුගොඩ ඔය)
- කළු ගඟ: මගුරා (මගුරු ගඟ), කලවැල්ලාව/මිල්ලකන්ද (කුඩා ගඟ) සහ රත්නපුර
- ගින් ගඟ: තවලම සහ බද්දේගම
- මහවැලි ගඟ: පේරාදෙණිය
පසුගිය පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය කිතුල්ගලින් (මි.මී. 89.6) වාර්තා වී ඇති අතර, නාවලපිටිය (මි.මී. 81.9), ගිරිඋල්ල (මි.මී. 78.4) සහ දෙරණියගල (මි.මී. 76.7) ප්‍රදේශවලට ද ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇත. ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
මේ අතර, අන්දමන් මුහුදේ වර්ධනය වන අඩු පීඩන කලාපය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇතිවිය හැක.
ඌව, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු වැසි වර්ධනය විය හැකි අතර, ප්‍රදේශ රැසකට පැ.කි.මී. 30-40ක පමණ තද සුළං ද අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි