පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය දීර්ඝ ලෙස පැවැත්විණි.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව වෙනුවෙන් පැමිණිලි පාර්ශ්වය විසින් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර, දිනපතා පැවැති විමර්ශනවලින් පසු පැමිණිල්ලේ සහ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස 24 වනදා අවසන් කෙරිණි.
එම සාක්ෂි විභාගය නිමවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සැප්තැම්බර් 22 වනදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙන ලදී.

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි