වසර 38ක දීර්ඝ සහ අභිමානවත් පොලිස් සේවයෙන් අනතුරුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතාගේ ඉදිරි දිවියට සුභපැතුම් එක්කිරීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ හමුවක් ඊයේ (18) පවත්වා තිබේ.
මෙම අවස්ථාව සඳහා අජිත් රෝහණ මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.
1966 සැප්තැම්බර් 11 වන දින උපත ලැබූ ඒ මහතා, කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනයත්, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරන ලදී. 1988 මාර්තු 15 දින සෘජුවම උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්වෙමින් සිය මුල්ම පත්වීම තිස්සමහාරාම පොලිස් ස්ථානයෙන් ආරම්භ කළේය.
ලුණුගම්වෙහෙර, වදුරඹ, අඟුණුකොළපැලැස්ස සහ වලස්මුල්ල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඔහු, 1999 දී සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් විය.
2005 වසරේදී සුඩානයේත්, 2010 වසරේදී හයිටියේත් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා එක් විය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
2007 දී පොලිස් අධිකාරී, 2012 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, 2016 දී නියෝජ්‍ය පොලිස්පති සහ 2021 ජූනි 30 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබීය.
සිය දීර්ඝ සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ඇතුළු වගකීම්සහගත තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා, සම්මාන පදක්කම්, විශේෂ පොලිස්පති ප්‍රශංසා සහ වැටුප් වර්ධක රැසකින් පිදුම් ලබා ඇත

අද ලොකු වැස්සක්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)