Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්

3 weeks ago

2009 වසරේ සිට මේ දක්වා සිදු වූ සම්පූර්ණ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

”මේ විශ්වාසභංගයෙන් පස්සේ ජනාධිපතිතුමා විසින් අපි පත්කරනවා විශේෂ කොමිෂන් සභාවක්.. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල තිබෙන විශේෂත්වය තමයි ඒකට පත් කරන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු.. විශ්‍රාම ගිය අය නෙමේ..ඒ නිසා අපි ඔබතුමාට කියනවා 2009 ඉඳලා ගල් අඟුරු ගේනවා මං හිතන්නේ 465ක් විතර.. ඒවගෙන් 452ක් ගෙනත් තියෙන්නේ ඕගොල්ලෝ, අපේ කාලේ ගෙනත් තියෙන්නේ දහතුනයි. අපි මේ ඔක්කොම බලමු… ඔක්කොම බලලා වැරදිකරු වුණොත් ඕගොල්ලෝ හිරේ යන්න ලෑස්තිද? ඒ නිසා ජනාධිපති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා. 2009 ඉඳන් සම්පූර්ණ ගල් අඟුරු ක්‍රියාවලිය පරීක්ෂා කරනවා.පරීක්ෂා කරලා ජයකොඩි ඇමතිතුමා වැරදුනොත් එතුමා හිරේට යයි. එහෙම නොවුණොත් ඔබතුමාලා වැරදි වුණොත් ඔබතුමාලා හිරේ යයි. ඒ නිසා අන්න ඒ සඳහා අපි කටයුතු කරමු.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *