Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

6 days ago

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි (Mojtaba Khamenei) ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටියි.

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය ආරම්භයේදීම මධ්‍යම ටෙහෙරානයේ පිහිටි උත්තරීතර නායකයාගේ නිල පරිශ්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් එවකට ආධ්‍යාත්මික නායකයකුව සිටි අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය විය. එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල රැඳී සිට ඇති අතර එහිදී ඔහු මෙම බරපතළ තුවාලවලට ගොදුරු වී තිබේ.

විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරන්නේ එල්ල වූ ප්‍රහාරය නිසා නව නායකයාගේ මුහුණේ කොටසක් විකෘති වී ඇති බවයි. මීට අමතරව ඔහුගේ එක් පාදයකට හෝ පාද දෙකටම තුවාල සිදුව ඇති බවද වාර්තාවල සඳහන් වේ.

මේ වන විට 56 හැවිරිදි වියේ පසුවන මොජ්තබා කමේනි, සිය බරපතළ තුවාල තත්ත්වය හමුවේ වුවද ක්‍රියාකාරී දේශපාලනයෙන් සහ ආරක්ෂක තීරණවලින් ඉවත්ව නොමැති බව පැවසේ.

ඔහු වීඩියෝ තාක්ෂණය (Video Conferencing) ඔස්සේ ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් වත්මන් යුද මෙහෙයුම් මෙහෙයවන බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *