ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි (Mojtaba Khamenei) ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටියි.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය ආරම්භයේදීම මධ්‍යම ටෙහෙරානයේ පිහිටි උත්තරීතර නායකයාගේ නිල පරිශ්‍රයට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් එවකට ආධ්‍යාත්මික නායකයකුව සිටි අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය විය. එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල රැඳී සිට ඇති අතර එහිදී ඔහු මෙම බරපතළ තුවාලවලට ගොදුරු වී තිබේ.
විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරන්නේ එල්ල වූ ප්‍රහාරය නිසා නව නායකයාගේ මුහුණේ කොටසක් විකෘති වී ඇති බවයි. මීට අමතරව ඔහුගේ එක් පාදයකට හෝ පාද දෙකටම තුවාල සිදුව ඇති බවද වාර්තාවල සඳහන් වේ.
මේ වන විට 56 හැවිරිදි වියේ පසුවන මොජ්තබා කමේනි, සිය බරපතළ තුවාල තත්ත්වය හමුවේ වුවද ක්‍රියාකාරී දේශපාලනයෙන් සහ ආරක්ෂක තීරණවලින් ඉවත්ව නොමැති බව පැවසේ.
ඔහු වීඩියෝ තාක්ෂණය (Video Conferencing) ඔස්සේ ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් වත්මන් යුද මෙහෙයුම් මෙහෙයවන බව වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා