බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපිය පහතින් දැක්වෙයි.
එහි දැක්වෙන්නේ,
‘ගල්අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් හරහා ඔබතුමන් තුළ ඇති දූෂණයට එරෙහිව සහ ජනවරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය මම බෙහෙවින්ම අගය කරමි.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට මා විශ්වාස කරන අතර විමර්ශනයන් සිදුවන අතරේ මම මෙම තනතුරේ සිටීම පවා ඊට බාධාවක් වෙතැයි යන ස්ථාවර මත පිහිටා වහාම ක්‍රියාත්මක වන පරිදි 2026 .04 .17 දින බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමි.
මෙම පරීක්ෂණය අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මා මෙම තීරණය ස්ථාවරව සිටින අතර, එම විමර්ශන ප්‍රකාරව ලැබෙන ඕනෑම තීන්දුවක් මා ඉතසිතින් භාර ගනිමි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හෝ උදෙසා ඔබතුමා සහ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට මාගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවනු ඇත.’
සම්පූර්ණ ලිපිය පහතින්,


බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි