Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි

3 hours ago

මෙවර කම්කරු දිනය මැයි පළමු වැනිදාට යෙදී තිබෙන බැවින් මැයි දින සැමරුමක් පැවැත්වීම ගැන තීරණයක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ එක්ව මැයි දිනය පැවැත්වීමට ද මෙතෙක් තීරණය කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව කියයි.

එක්සත් ජාතික පක්ෂය එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් යම් නිල නිවේදනයක් නිකුත් කරන්නේ නම්, එය එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුළ සහ එක්සත් ජාතික පක්ෂයේ නිල යු ටියුබ් නාලිකාවල පමණක් බෙදාහරින බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

”මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය” මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය නිවේදනය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *