Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි

6 minutes ago

2024 පෙබරවාරි 01 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම මිල අද (17) දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (17) දිනයේ දී රු. 315.72 ක් ලෙසින් සටහන් වී ඇත.

ඩොලරයේ මිල 2024 පෙබරවාරි 01 දිනෙන් පසු පළමු වරට පසුගිය මාර්තු 31 දින රු. 315 සීමාව ඉක්මවා ගිය අතර එතැන් පටන් ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබුණි.

මේ අතර අද (17) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.22ක් සහ විකුණුම් මිල රු. 319.74ක් ලෙසින් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් පවසන්නේ 2026 අප්‍රේල් 10 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *