මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද (20) දිනයේ මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවය.
මෙම තද වැසි සමඟ කෙටි කාලයක් තුළ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකි බැවින් ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පැවතිය හැකි අතර, දැනට දහවල් කාලයේ පවතින උණුසුම් කාලගුණයට එය යම් තාවකාලික අස්වැසිල්ලක් බවද ඒ මහතා සඳහන් කළේය.
මැයි මාසයේ මැද තෙක් මෙම කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා තවදුරටත් පැවසීය.
මේ අතර ඊයේ (19) දිනයේ උපරිම වර්ෂාපතනය වූ මි. මී 75ක් කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය
ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්