ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඒ අනුව,
1. පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)
2. සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතා (නවදිල්ලියේ නේවාසික)
3. ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever මහතා (නවදිල්ලියේ නේවාසික)
4. වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා
5. පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතා
6. කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතා
මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.


හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
74 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුව තල්ලු කර මහමගදී මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි