මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා මහතා අද (20) සිය රාජකාරි ආරම්භ කර තිබේ.
ඔහු එම ආයතනයේ 15 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සැලකේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරත්න බණ්ඩා මහතා මෙරට මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි.
මෙම පත්වීමට පෙර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති (2015-2021) ලෙස ද සේවය කර ඇත.
මීට අමතරව ඔහු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කර ඇති බව සඳහන්ය.
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍ය සහිත උපාධිධාරියෙකි.
කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ පර්යේෂණ පත්‍රිකා සහ කෘති රැසක කතුවරයෙකි.
ව්‍යවහාරික සාර්ව ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර වෙළඳාම, බැංකු හා මූල්‍ය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන මහාචාර්යවරයාගේ විද්වත් නායකත්වය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සහ ගුරු පුහුණු කටයුතු නවීකරණය කිරීමෙහිලා විශාල දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි
රාගම හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු පිරිසට අද දුන් නියෝගය! දෙපාර්ශයෙන්ම නීති තර්ක!
රත්‍රං මිල යළි ඉහළට
දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයෙන් වසරක තරග තහනමක් පනවයි
නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්