කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් (Letter of Demand) යොමු කර තිබේ. තම වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.
මෙම එන්තරවාසියට පදනම් වී ඇත්තේ 2026 අප්‍රේල් 16 වන දින හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් විකාශය කරන ලද පුවතකි. එහිදී අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත්, පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට (රු. මිලියන 383.9) අධික සුරකුම්පත් පවතින බවත් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, එන්තරවාසිය මගින් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ දියණිය සතු, වර්තමාන වටිනාකම රුපියල් 143,000කට ආසන්න කොටස් ප්‍රමාණයක අගය, සාවද්‍ය ලෙස රුපියල් තිස් අටකෝටි තිස්නම් ලක්ෂයක් ලෙස හුවා දක්වා ඇති බවයි. වත්කම්වල මුළු වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බවට නාලිකාව ඉදිරිපත් කළ ගණනය කිරීම් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එහි අවධාරණය කර ඇත.
අදාළ පුවත පළ කිරීමට පෙර අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට උත්සාහ කර නොමැති බවත්, මෙය හිතාමතාම ඔහුට අපහාස කිරීමේ අරමුණින් සිදු කර ඇති බවත් එන්තරවාසියෙහි සඳහන් වේ. රූපවාහිනී ප්‍රචාරයට අමතරව “ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්!” වැනි සිරස්තල යොදා ගනිමින් ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ ද මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර තිබේ.
මෙම ප්‍රචාරය හේතුවෙන් අමාත්‍යවරයා ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලනඥයෙකු ලෙස සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බව ලාල්කාන්ත මහතා පවසයි.
සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දිය මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස දන්වා ඇති අතර, එසේ නොකරන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව වන්දිය අය කර ගැනීමට නඩු පවරන බව දන්වා තිබේ.
තවද, රජය සතු පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත, පෞද්ගලික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කරන බැවින්, හිරු නාලිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් දඬුවම
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි